1
00:00:00,000 --> 00:01:29,990
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 183වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

2
00:01:29,990 --> 00:01:32,990
<b><font color="#FFFB8B">07 වන කොටස: දිව්‍යමය රිවෝල්ටේ</font></b>

3
00:01:37,910 --> 00:01:41,540
ටික දවසකට කලින්, ගෙනාවුගේ සහකරු සටනේදී මියගියා.

4
00:01:42,370 --> 00:01:47,540
ඒ නිසා මම ඔයාලා දෙන්නට භාර දෙනවා උතුරු සානුවේ ඉන්න යක්ෂයන්ව අතුගා දාන්න.

5
00:01:49,590 --> 00:01:52,380
ඔයා එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්, ගෙනාවු.

6
00:01:54,140 --> 00:01:59,477
උතුරු සානුව කියන්නේ උතුරු කෙළවර වගේම භයානක තැනක්.

7
00:01:59,560 --> 00:02:01,020
මගේ ගමනට බාධාවක් වෙන්න එපා.

8
00:02:05,900 --> 00:02:07,160
අත දෙන්න.

9
00:02:20,750 --> 00:02:25,010
මෙතෝඩ්, ඔයා විශ්වාස කරනවද ඔයා හොඳ කෙනෙක් කියලා?

10
00:02:26,580 --> 00:02:29,000
මට ඔයා කියපු දේ හරියට තේරුණේ නෑ

11
00:02:30,880 --> 00:02:33,550
මගේ කලින් හිටපු සහකරු හරිම හොඳ මනුස්සයෙක්.

12
00:02:34,090 --> 00:02:36,180
මගේ සම්පූර්ණ විරුද්ධ පැත්ත.

13
00:02:37,140 --> 00:02:41,430
එයාට නොදන්න අය එක්ක වුනත් ඉක්මණට යාළු වෙන්න පුළුවන්.

14
00:02:46,770 --> 00:02:49,320
එයා හැමවෙලේම හිනාවෙලා උද්‍යෝගයෙන් හිටියේ.

15
00:02:50,190 --> 00:02:53,320
එයා හැසිරුණේ හරියට අපි හරිම ළගම යාළුවෝ වගේ.

16
00:02:54,200 --> 00:02:55,820
එයාගේ ඒ පෞරුෂය නිසාම,

17
00:02:56,260 --> 00:02:59,510
මිනිස්සු ඉබේටම එයා වටේ රොක් වුණා.

18
00:03:06,180 --> 00:03:07,710
මොන වගේ මෝඩයෙක්ද.

19
00:03:20,600 --> 00:03:23,110
එයා මැරුණේ පොඩි ළමයෙක්ව බේරගන්න ගිහින්.

20
00:03:25,600 --> 00:03:28,400
ඒක නිසා අපිට බැරි වුණා ඒ යක්ෂයාව ඉවරයක් කරලා දාන්න.

21
00:03:30,860 --> 00:03:34,650
මම නම් කවදාවත් ඒ වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ.

22
00:03:36,780 --> 00:03:38,910
මම දැනටමත් ඕනි තරම් මිනිස්සුන්ව අතහැරලා තියෙනවා.

23
00:03:40,410 --> 00:03:42,660
ඇයි මමම?

24
00:03:44,120 --> 00:03:45,160
මොකක්ද කිව්වේ?

25
00:03:45,660 --> 00:03:47,750
ඇයි මාව ඔයා එක්ක හවුල් කළේ?

26
00:03:48,790 --> 00:03:52,630
කවුද දන්නේ? ඒක සීරී-සමාගේ තීරණයක්.

27
00:03:56,010 --> 00:03:58,057
හැබැයි එක දෙයක් නම් ස්ථිරයි,

28
00:03:58,140 --> 00:04:01,930
උතුරු සානුවට මෙහෙයුම් සඳහා එවන පළමු පෙළ මායාකරුවෝ කියන්නේ

29
00:04:02,430 --> 00:04:05,850
කෑම වේලකට වඩා සටන් කරන්න ආස කරන අය.

30
00:04:08,190 --> 00:04:10,010
ඇත්තටම ඒක පුදුමයි.

31
00:04:10,690 --> 00:04:13,690
ඇයි එයා යූබෙල් වෙනුවට ඔයාව තෝරගත්තේ?

32
00:04:15,360 --> 00:04:19,779
කොහොම හරි, සටන් කරන්න පෙරේතකම තියෙන කිසිම කෙනෙක් හොඳ කෙනෙක් වෙන්න බැහැ.

33
00:04:21,240 --> 00:04:24,120
ඔයා මං වගේ වෙන්න එපා.

34
00:04:30,830 --> 00:04:35,627
හරි, අපි යන්න කලින් අපිට තියෙන තොරතුරු බෙදාගමු.

35
00:04:35,710 --> 00:04:36,717
හොඳයි.

36
00:04:36,800 --> 00:04:40,387
මානා වල සලකුණු පරීක්ෂා කළාට පස්සේ,

37
00:04:40,470 --> 00:04:43,627
අපිට නිගමනය කරන්න පුළුවන් ගමට පහර දීලා තියෙන්නේ යක්ෂයන් හතර දෙනෙක් කියලා.

38
00:04:43,710 --> 00:04:46,347
උන් හැමෝම දැන් ගමෙන් අතුරුදන් වෙලා.

39
00:04:46,430 --> 00:04:48,640
හතර දෙනෙක් ඉන්නවද?

40
00:04:50,020 --> 00:04:52,687
උන් අතරින් එක්කෙනෙක් යක්ෂ ෂෝගුන් කෙනෙක්

41
00:04:52,770 --> 00:04:55,900
ඌ කඩු හතරක් පාවිච්චි කරලා අශ්වාරෝහක සේනාවම විනාශ කරලා.

42
00:05:00,340 --> 00:05:02,407
යක්ෂ ෂෝගුන් කියන්නේ මොකක්ද?

43
00:05:02,490 --> 00:05:05,437
ඒ කියන්නෙ හුගක් දක්ෂ යක්ෂ සටන්කාමියෙක්

44
00:05:05,520 --> 00:05:08,247
උන් තමන්ගේ මානා වලින් ශරීරය ශක්තිමත් කරගෙන

45
00:05:08,330 --> 00:05:10,010
සටන් කලා පාවිච්චි කරලා සටන් කරනවා.

46
00:05:10,500 --> 00:05:15,800
උන්ගෙන් සමහරු ශතවර්ෂ ගාණක් තිස්සේ මේ කලාව ප්‍රගුණ කරනවා, හරියට ආධ්‍යාත්මික ගවේෂකයෝ වගේ.

47
00:05:16,340 --> 00:05:20,050
යක්ෂ රජුගේ හමුදාවේ අයිසෙන්ටත් වඩා හුගක් ශක්තිමත් ෂෝගුන්ලා හිටියා.

48
00:05:20,440 --> 00:05:21,927
ඇත්තටමද?

49
00:05:22,010 --> 00:05:27,557
අනික, මේ හතුරාගේ ශරීරය සම්පූර්ණයෙන්ම අමානුෂික වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

50
00:05:27,640 --> 00:05:30,060
ඒක නරක දෙයක්ද?

51
00:05:30,890 --> 00:05:35,440
ඔයා කවදාවත් කඩු හතරක් හසුරවන දක්ෂ කඩු හරඹකරුවෙක් එක්ක සටන් කරලා තියෙනවද?

52
00:05:35,840 --> 00:05:37,487
අපෝ නැහැ.

53
00:05:37,570 --> 00:05:39,697
මමවත් නැහැ.

54
00:05:39,780 --> 00:05:42,950
අශ්වාරෝහක සේනාව පරාද වෙන්නත් හේතුව ඒක.

55
00:05:49,870 --> 00:05:51,710
රිවෝල්ටේ-සමා!

56
00:05:52,960 --> 00:05:55,447
ගොදුරු කිහිපයක් අපේ දැලට අහුවුණා!

57
00:05:55,530 --> 00:05:57,710
හොඳ මානා තියෙන රසවත් ගොදුරු!

58
00:05:58,130 --> 00:06:00,587
මායාකරුවෝ හතර දෙනෙක් සහ එක සටන්කාමියෙක්.

59
00:06:00,670 --> 00:06:02,720
මායාකරුවෝ තුන් දෙනෙක්ම පළමු පෙළේ අය.

60
00:06:04,470 --> 00:06:07,227
ඒක අපිට පරාජය කරන්න බැරි ගාණක් නෙවෙයි.

61
00:06:07,310 --> 00:06:08,890
අපි උන් පස්සේ යමුද?

62
00:06:09,430 --> 00:06:10,600
එපා.

63
00:06:11,520 --> 00:06:13,270
මට නරක හැඟීමක් එනවා.

64
00:06:13,940 --> 00:06:15,897
උන් වෙන් වෙනකම් අපි ඉවසමු.

65
00:06:15,980 --> 00:06:19,397
හැබැයි රිවෝල්ටේ-සමා, උන් එහෙම කරයිද?

66
00:06:19,480 --> 00:06:22,740
උන් හරිම විමසිල්ලෙන් ඉන්නේ.

67
00:06:23,700 --> 00:06:25,690
අනිවාර්යයෙන්ම කරයි.

68
00:06:30,620 --> 00:06:34,290
මම මෙච්චර දෙනෙක් මරලා උන්ව කුපිත කලේ ඒ නිසාමයි.

69
00:06:35,920 --> 00:06:41,337
උතුරු සානුවේ ගම්මාන විනාශ කරගෙන යද්දී,

70
00:06:41,420 --> 00:06:43,337
මට එක දෙයක් තේරුණා.

71
00:06:43,420 --> 00:06:45,430
මොකක්ද ඒ? ඒ මොකක්ද!

72
00:06:49,430 --> 00:06:53,060
හරි, දැන් අපි යමු යක්ෂයන්ව හොයන්න.

73
00:06:53,530 --> 00:06:56,850
මුලින්ම අපි අතහැරලා දාපු බලකොටුවට යමුද?

74
00:06:57,400 --> 00:07:02,190
යක්ෂයෝ ඒ වගේ තැන්වල හැංගෙන්න හුගක් කැමතියි.

75
00:07:04,240 --> 00:07:05,350
පොඩ්ඩක් ඉන්න.

76
00:07:06,520 --> 00:07:09,287
නෝර්ම් අශ්වාරෝහක සේනාව මළ සිරුරු අරන් යන්න එයි,

77
00:07:09,370 --> 00:07:11,450
ඒ නිසා කවුරුහරි මෙහේ ඉන්න ඕනේ.

78
00:07:13,750 --> 00:07:15,170
මම ඉන්නම්.

79
00:07:15,710 --> 00:07:20,460
මිනිස්සුන්ට පුරුද්දක් තියෙනවා මළ සිරුරු ආරක්ෂා කරන්න කවුරුහරි දාලා යන්න.

80
00:07:21,800 --> 00:07:24,720
මාර වැඩක්නේ! ඇයි උන් එහෙම කරන්නේ?

81
00:07:25,380 --> 00:07:27,677
හේතුව වැඩක් නැහැ.

82
00:07:27,760 --> 00:07:30,097
අනේ, මට දැනගන්න ඕනේ ඇයි කියලා.

83
00:07:30,180 --> 00:07:32,460
මට හරිම හරිම උනන්දුයි!

84
00:07:32,960 --> 00:07:35,817
මිනිස්සු ගැන ලොකු උනන්දුවක් තියෙනවා වගේ නේද?

85
00:07:35,900 --> 00:07:37,850
මොන වගේ පුදුම යක්ෂයෙක්ද.

86
00:07:38,560 --> 00:07:43,147
සමහර වෙලාවට මිනිස්සු කිසිම තර්කයක් නැති වැඩ කරනවා.

87
00:07:43,230 --> 00:07:45,777
මට දැනගන්න ඕනේ ඇයි උන් එහෙම කරන්නේ කියලා!

88
00:07:45,860 --> 00:07:49,560
උන්ගේ හැටි එහෙමයි. එච්චරයි.

89
00:07:50,030 --> 00:07:52,240
ඒවට හේතු හොයන්න ඕනි නෑ.

90
00:07:54,620 --> 00:07:56,247
දැන් තමයි මට මතක් වුණේ,

91
00:07:56,330 --> 00:08:01,697
මිනිස්සු ගැන පර්යේෂණ කරපු අමුතු යක්ෂයෙක් ගැන මම අහලා තියෙනවා.

92
00:08:01,780 --> 00:08:06,350
ඇත්තටමද?! අනේ මට ඒ යක්ෂයා ගැන කියන්නකෝ!

93
00:08:07,050 --> 00:08:09,890
ඔයා ප්‍රයෝජනවත් කෙනෙක් කියලා ඔප්පු කළොත් මම කියන්නම්.

94
00:08:10,550 --> 00:08:15,000
ඇත්තමද?ඒක පොරොන්දුවක් රිවෝල්ටේ-සමා!

95
00:08:16,270 --> 00:08:18,437
ඔයා තනියමද ඉන්නේ?

96
00:08:18,520 --> 00:08:21,400
මම හිතන් නෑ එයාල එන්න වැඩි වෙලාවක් යයි කියලා.

97
00:08:21,850 --> 00:08:26,150
නෝර්ම් අශ්වාරෝහක සේනාව ආපු ගමන් මම ඔයාලත් එක්ක එකතු වෙන්නම්.

98
00:08:27,030 --> 00:08:28,110
හරි එහෙනම්.

99
00:08:35,330 --> 00:08:37,080
මමත් ගමේ ඉන්නවා.

100
00:08:37,789 --> 00:08:39,419
මෝඩයෙක්ද ඔයා?

101
00:08:40,000 --> 00:08:42,677
ඔයාගේ යාළුවෝ යන්නේ යක්ෂයෝ එක්ක සටන් කරන්න.

102
00:08:42,760 --> 00:08:44,587
එයාලට ඉදිරිපෙළ සටන්කරුවෙක් නැතුව කොහොමද?

103
00:08:44,670 --> 00:08:46,827
මම මෝඩයෙක් නම්, ඔයා ගැන මොකද?

104
00:08:46,910 --> 00:08:49,347
යක්ෂයෝ ආපහු ගමට ආවොත් මොකද කරන්නේ?

105
00:08:49,430 --> 00:08:51,007
ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

106
00:08:51,090 --> 00:08:54,637
මට ඉදිරිපෙළ සටන්කරුවෙක් නැතුව වුණත් සටන් කරන්න පුළුවන්

107
00:08:54,720 --> 00:08:57,357
ෆ්‍රීරන්ටයි ෆෙරන්ටයිත් එහෙමයි.

108
00:08:57,440 --> 00:08:59,227
යම් සීමාවකට වෙනකම් විතරයි හැබැයි.

109
00:08:59,310 --> 00:09:02,687
ප්‍රශ්නයක් වුණොත් ඔයාලට දුවලා යන්න පුළුවන් නේද?

110
00:09:02,770 --> 00:09:03,810
ඔව්, ඒක ඇත්ත.

111
00:09:04,440 --> 00:09:07,530
හැබැයි ඔයා කවදාවත් මේ ගම අතෑරලා දුවන්නේ නෑ.

112
00:09:10,280 --> 00:09:13,780
ස්ටාර්ක්, මෙහේ තියෙන්නේ මළ සිරුරු විතරයි.

113
00:09:14,250 --> 00:09:17,350
ඔයා මෙහේ නවතින්නේ ඒ මළ සිරුරු ආරක්ෂා කරන්න නේද?

114
00:09:20,330 --> 00:09:21,800
කැමති දෙයක් කරගන්නවා.

115
00:09:36,510 --> 00:09:39,310
ස්ටාර්ක්, ඔයා හරිම හොඳ කෙනෙක්.

116
00:09:40,810 --> 00:09:43,687
මම ඔයා වගේ අයව මීට කලින් දැකලා තියෙනවා.

117
00:09:43,770 --> 00:09:45,690
මම හිතන්නේ නැහැ ඔයා වැඩිකාලයක් ජීවත් වෙයි කියලා.

118
00:09:48,030 --> 00:09:51,400
මට පේන විදිහට ඔයත් හරිම හොඳ කෙනෙක්.

119
00:09:54,240 --> 00:09:57,620
දැන් වුණත්, ඔයා තාමත් මේ ගම බේරගන්න උත්සාහ කරනවා.

120
00:09:59,040 --> 00:10:01,080
මට නම් කවදාවත් ඒ වගේ දෙයක් කරන්න බැහැ.

121
00:10:07,420 --> 00:10:09,840
මම හොඳ කෙනෙක් නෙවෙයි.

122
00:10:10,340 --> 00:10:13,050
මම ඒකේ සම්පූර්ණ විරුද්ධ පැත්ත.

123
00:10:14,260 --> 00:10:18,260
උතුරු ප්‍රදේශයට සාමය ගේන්න මම මට පුළුවන් හැමදේම කළා.

124
00:10:18,970 --> 00:10:23,520
ඒ වෙනුවෙන් මම මිනිස්සු හුගක් මැරුවා, තව ගොඩක් අයව අතෑරලා දැම්මා.

125
00:10:24,810 --> 00:10:27,397
සමහරවිට මේක මට ලැබෙන දඬුවම වෙන්න ඇති.

126
00:10:27,480 --> 00:10:30,110
මම දැන් මරණයට හුරු වෙලා.

127
00:10:33,070 --> 00:10:35,070
මට කිසිම දුකක් දැනෙන්නේ නැහැ.

128
00:10:35,780 --> 00:10:38,830
මගේ උපන් ගම විනාශ වුණා, ඒත් මට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.

129
00:10:39,740 --> 00:10:44,790
මම මෙහේ නතර වුණේ ඒක මම කළ යුතු දෙයක් කියලා හිතුණු නිසා විතරයි.

130
00:10:46,580 --> 00:10:49,050
මම මෙච්චර දේවල් අතහැරලත්...

131
00:10:49,920 --> 00:10:53,010
මම මේ මොකක්ද කරන්නේ?

132
00:10:57,970 --> 00:10:59,260
ස්ටාර්ක්.

133
00:11:00,100 --> 00:11:04,020
උතුරු සානුව තමන්ගේ නිවහන කරගත්තු මිනිස්සු ගොඩක් ඉන්නවා.

134
00:11:14,070 --> 00:11:17,740
මෙතැන ඉඳන් සෙවීමේ මන්ත්‍ර පාවිච්චි කරන එක නතර කරන්න.

135
00:11:18,410 --> 00:11:20,787
සතුරට අපි ඉන්න තැන හොයාගන්න පුළුවන්.

136
00:11:20,870 --> 00:11:21,790
තේරුණා.

137
00:11:22,330 --> 00:11:26,457
කොහොම වුණත්, අපි තවම බලකොටුවට ගොඩක් දුරයි,

138
00:11:26,540 --> 00:11:28,540
ඉතින් අපි යන ගමන් පොඩි කතාවක් දාමු

139
00:11:29,750 --> 00:11:31,507
ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

140
00:11:31,590 --> 00:11:34,260
සෝදිසියෙන් ඉන්නව වගේම නිදහසේ ඉන්න එකත් වැදගත්.

141
00:11:37,180 --> 00:11:38,790
එයා මොන තරම් සැහැල්ලුවෙන්ද ඉන්නේ...

142
00:11:41,850 --> 00:11:45,647
අනික, අදහස් හුවමාරු කරගන්න එකෙන් කණ්ඩායම් හැඟීමත් වැඩි වෙනවා.

143
00:11:45,730 --> 00:11:47,357
මම හිතන්නේ නැහැ ඔයා ඒක දන්නව ඇති කියලා.

144
00:11:47,440 --> 00:11:48,810
හ්ම්...

145
00:11:49,310 --> 00:11:51,237
එහෙනම් ෆ්‍රීරන්-සන්,

146
00:11:51,320 --> 00:11:53,527
මට ඔයාගේ ඔළුව අතගාන්න පුළුවන්ද?

147
00:11:53,610 --> 00:11:56,257
එයා ඒක ඇහුවේ ඇත්තටමද?

148
00:11:56,340 --> 00:12:01,367
මම පොඩි මිනිස්සුන්ගේ ඔළුව අතගාන්න හරිම ආසයි,

149
00:12:01,450 --> 00:12:04,910
සීරී-සමා මට එහෙම කරන්න දෙන්නේ හරිම කලාතුරකින්.

150
00:12:05,620 --> 00:12:09,207
එයා ඉඩ දුන්නත් එයා ඒකට කැමති නැහැ වගේ තමයි පේන්නේ.

151
00:12:09,290 --> 00:12:11,480
මම වුණත් එහෙම තමයි.

152
00:12:12,670 --> 00:12:16,337
අනික, මම ඔයාට වඩා වයසින් වැඩි කාන්තාවක් මෙතෝඩ්

153
00:12:16,420 --> 00:12:18,387
ඒ නිසා මම ඔයාට මගේ ඔළුව අතගාන්න ඉඩ දෙන්නේ නැහැ.

154
00:12:18,470 --> 00:12:19,467
හරියටම හරි.

155
00:12:19,550 --> 00:12:23,600
ෆ්‍රීරන්-සමා කියන්නේ වැදගත් කාන්තාවක්, එයාට නිකරුණේ අත තියන්න එපා.

156
00:12:25,140 --> 00:12:26,640
ෆ්‍රීරන්-සන්

157
00:12:29,100 --> 00:12:31,357
මේ පොතේ තියෙනවා එක මන්ත්‍රයක්,

158
00:12:31,440 --> 00:12:35,110
බිත්තර කඩද්දී කටු කෑලි ඇතුළට වැටෙන එක නවත්තන

159
00:12:35,690 --> 00:12:37,407
ඔයාට ඕනි තරම් මගේ ඔළුව අතගාන්න පුළුවන්.

160
00:12:37,490 --> 00:12:39,030
ෆ්‍රීරන්-සමා?!

161
00:12:46,080 --> 00:12:49,997
මට කෙනෙක්ව මෙච්චර වෙලා අතගාන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ...

162
00:12:50,080 --> 00:12:52,707
ඔය අතගාන එක දවසකට විනාඩි දහයකට සීමා කරන්න.

163
00:12:52,790 --> 00:12:54,250
අනේ බැහැ...

164
00:13:02,050 --> 00:13:03,770
හ්ම්ම්, ෆ්‍රීරන්-සන්...

165
00:13:04,290 --> 00:13:07,097
මට ඔයාව පොඩ්ඩක් බදාගන පුළුවන්ද?

166
00:13:07,180 --> 00:13:09,690
සීරී-සමා මට කවදාවත් ඒක කරන්න දෙන්නේ නැහැ...

167
00:13:10,310 --> 00:13:11,767
ඔයාට ඕනිම දෙයක් කරන්න පුළුවන්.

168
00:13:11,850 --> 00:13:13,440
ඕනිම දෙයක්?!

169
00:13:22,570 --> 00:13:24,700
ඈ?මොකක්ද?

170
00:13:26,740 --> 00:13:27,997
ඒයි...

171
00:13:28,080 --> 00:13:29,460
නතර කරන්න...

172
00:13:31,080 --> 00:13:33,960
මා...මාව කෑලි වලට කඩනවා වගේ...

173
00:13:39,090 --> 00:13:40,507
මේක නම්...

174
00:13:40,590 --> 00:13:45,600
උන් අපේ මානා අදුරගෙන. අපි ඉන්න තැන හොයාගෙන.

175
00:13:46,010 --> 00:13:47,310
ඇත්තටම උන් යක්ෂයෝ

176
00:13:48,140 --> 00:13:50,100
උන් සටන් කරන්න හරිම කලබලෙන් ඉන්නේ.

177
00:13:50,730 --> 00:13:56,110
අපි දක්ෂ මායාකරුවන් කියලා දැනගෙනත්, උන් පොඩ්ඩක්වත් පසුබට වෙන්නේ නැහැ.

178
00:13:59,440 --> 00:14:01,070
උන් අපිව දැක්කා.

179
00:14:01,570 --> 00:14:03,820
ඔව්, අපි පටන් ගමුද?

180
00:14:07,620 --> 00:14:09,080
<font color="#46FFFF"><i>නෙබෙලඩෝරා.</i></font>

181
00:14:14,750 --> 00:14:16,667
මානා වලින් හැදුණු මීදුමක්.

182
00:14:16,750 --> 00:14:19,380
උන් අපේ පෙනීම වගේම මානා හඳුනාගැනීමේ හැකියාවත් අවහිර කරනවා.

183
00:14:33,440 --> 00:14:35,690
උන් අපිව මෙතෝඩ්ගෙන් වෙන් කළා.

184
00:14:36,270 --> 00:14:37,520
බුද්ධිමත් වැඩක්.

185
00:14:42,320 --> 00:14:43,487
ඔයා කා එක්කද සටන් කරන්නේ?

186
00:14:43,570 --> 00:14:45,617
මම අර උස කෙනාව ගන්නම්.

187
00:14:45,700 --> 00:14:47,827
එයාගේ මානාවල වල මොකක් හරි අමුත්තක් තියෙනවා.

188
00:14:47,910 --> 00:14:49,830
සමහරවිට මට සතුටු වෙන්න පුළුවන් සටනක් ලැබෙයි.

189
00:14:51,700 --> 00:14:53,870
එහෙනම් මම අර දෙන්නව බලාගන්නම්.

190
00:14:56,710 --> 00:14:59,507
අහසේ ඉඳන් කරන ප්‍රහාර ගැන පරිස්සම් වෙන්න.

191
00:14:59,590 --> 00:15:00,670
ෆ්‍රීරන්-සමා.

192
00:15:01,380 --> 00:15:02,300
මොකද?

193
00:15:03,050 --> 00:15:05,130
අර යක්ෂයෝ දෙන්නා පියාඹනවා.

194
00:15:05,970 --> 00:15:08,380
අපි මීට කලිනුත් පියාඹන යක්ෂයෝ එක්ක සටන් කරලා තියෙනවා,

195
00:15:08,890 --> 00:15:10,890
හැබැයි උන් පාවිච්චි කරන්නේ පියාසර මන්ත්‍ර නේද?

196
00:15:11,390 --> 00:15:12,930
මම ඔයාට කියලා තියෙනවා නේද?

197
00:15:13,430 --> 00:15:17,550
මීට අවුරුදු 40කට කලින්, අහස පාලනය කළේ යක්ෂයෝ.

198
00:15:18,190 --> 00:15:20,190
දැන් වෙන්නෙත් ඒකම තමයි.

199
00:15:20,820 --> 00:15:24,820
හැබැයි ඔයා කිව්වා නේද යක්ෂයෝ විශේෂ වෙන්නේ එක මන්ත්‍රයක් ප්‍රගුණ කරන්න විතරයි කියලා...

200
00:15:25,990 --> 00:15:29,450
ෆෙරන්, ඔයාට ඇවිදින්න විශේෂ තාක්ෂණයක් ඕනිද?

201
00:15:30,700 --> 00:15:32,310
උන්ටත් ඒක එහෙමම තමයි.

202
00:15:32,830 --> 00:15:36,580
යක්ෂයෝ පියාසර මන්ත්‍ර මන්ත්‍ර විදිහට සලකන්නෙවත් නැහැ.

203
00:15:37,290 --> 00:15:41,090
ඒ නිසා මේ වගේ දේවල් උන් එක්ක සටන් කරද්දී නිතරම දකින්න ලැබෙනවා.

204
00:15:43,130 --> 00:15:45,950
උන් සටන් අතින් ඇත්තටම අත්දැකීම් බහුලයි.

205
00:15:46,430 --> 00:15:49,430
හරියට අපි ආයෙත් යක්ෂ රජුගේ හමුදාව එක්ක සටන් කරනවා වගේ.

206
00:16:01,230 --> 00:16:03,397
මෙතෝඩ්ට සතුරා මුණගැහිලා වගේ.

207
00:16:03,480 --> 00:16:06,737
ෆෙරන්, මම මේ සටන ඔයාට භාර දෙනවා.

208
00:16:06,820 --> 00:16:08,157
ඒ ඇයි?

209
00:16:08,240 --> 00:16:12,287
මේක පළමු පෙළ මායාකරුවන්ගේ මෙහෙයුමක්.

210
00:16:12,370 --> 00:16:15,000
මෙතැන ඉන්න පළමු පෙළ මායාකාරිය ඔයා නේද?

211
00:16:15,450 --> 00:16:17,700
ෆ්‍රීරන්-සමා, මේ ඒකට වෙලාව නෙවෙයි...

212
00:16:18,210 --> 00:16:21,750
කිසි ප්‍රශ්නයක් නෑ. මේ ඔයාට පරද්දන්න පුළුවන් සතුරෙක්.

213
00:16:30,510 --> 00:16:31,400
දැක්කද?

214
00:16:32,430 --> 00:16:33,640
ඕ?

215
00:16:35,350 --> 00:16:37,270
ඒක නම් නිකන්ම වාසනාව.

216
00:16:38,140 --> 00:16:41,270
ඔයා ඒක පෙන්නපු නිසා මම නිකන් ප්‍රතිචාර දැක්වූවා විතරයි.

217
00:16:42,520 --> 00:16:45,150
මට ඒ ප්‍රහාරය එනවා පොඩ්ඩක්වත් දැනුණේ නැහැ.

218
00:16:50,070 --> 00:16:52,117
සතුරා මට වඩා ගොඩක් ඉහළ මට්ටමක ඉන්නෙ

219
00:16:52,200 --> 00:16:54,120
මම එහෙම හිතන්නේ නැහැ.

220
00:16:55,120 --> 00:16:59,690
ඔයා වගේ මූලික කරුණු වලට ගරු කරන පළමු පෙළ මායාකරුවෝ වැඩිය නැහැ.

221
00:17:01,210 --> 00:17:04,290
බය වෙන්න එපා, ඔයාට මේක දිනන්න පුළුවන්.

222
00:17:14,930 --> 00:17:18,349
මම මාලු ටිකක් අල්ලගත්තා. රෑ කෑමට මොකද කියන්නේ?

223
00:17:19,310 --> 00:17:20,687
මට එපා.

224
00:17:20,770 --> 00:17:22,817
මෙතෝඩ් මට බනී.

225
00:17:22,900 --> 00:17:25,526
එයා හිතන්නේ රෑට කන එක සෞඛ්‍යයට හොද නෑ කියලා.

226
00:17:25,609 --> 00:17:28,069
ආ, හරි. එහෙනම් මම විතරයි.

227
00:17:32,160 --> 00:17:35,200
මේ වෙලාවට මට ටිකක් බඩගිනි වෙනවා.

228
00:17:39,790 --> 00:17:41,707
හැබැයි ෆෙරන්ට කියන්න එපා.

229
00:17:41,790 --> 00:17:42,830
හරි.

230
00:17:47,460 --> 00:17:49,800
ඔයාටත් බලන් ඉන්න වෙනවා නේද?

231
00:17:55,600 --> 00:17:57,350
ඉතින් ගෙනාවු...

232
00:17:58,100 --> 00:18:01,727
ගමට පහර දීපු යක්ෂයා ගැන ඔයාට අදහසක් ඇති නේද?

233
00:18:01,810 --> 00:18:05,520
කඩු හතරක් හසුරවන යක්ෂයෝ වැඩිපුර නැහැ.

234
00:18:07,650 --> 00:18:09,697
දිව්‍යමය රිවෝල්ටේ.

235
00:18:09,780 --> 00:18:12,360
මගේ සහකරුවව මැරුවෙත් ඌමයි.

236
00:18:15,240 --> 00:18:17,740
ඒක හරි ලොකු නමක්නේ.

237
00:18:18,620 --> 00:18:23,370
ඒ නම හැදිලා තියෙන්නේ ඌ මායා බලයෙන් හදපු කඩු හතර නිසයි.

238
00:18:24,080 --> 00:18:27,710
ඌට ඒ කඩුවල බර ඕනි විදිහකට වෙනස් කරන්න පුළුවන්.

239
00:18:28,250 --> 00:18:31,507
සමහර වෙලාවට ඒවා පිහාටුවකටත් වඩා සැහැල්ලුයි.

240
00:18:31,590 --> 00:18:33,930
තව වෙලාවකට මහා පර්වතයක් වගේ බරයි.

241
00:18:35,300 --> 00:18:38,847
ඒවට දීලා තියෙන්නේ පුරාණ කාලේ කන්දක් කුඩු කරපු කඩුවක නමක්.

242
00:18:38,930 --> 00:18:41,400
"දිව්‍යමය විදාරණ කඩු".

243
00:18:42,100 --> 00:18:46,310
ඒවා සැහැල්ලුයි, තියුණුයි, ඒ වගේම මාර විදිහට බරයි?

244
00:18:47,360 --> 00:18:49,150
ඒක පරස්පර විරෝධී නේද?

245
00:18:50,400 --> 00:18:54,400
මායා බලයෙන් මේ ලෝකේ නැති දේවලුත් නිර්මාණය කලහැකි.

246
00:18:55,200 --> 00:18:59,660
මායාවෙන් හදන ආයුධ කියන්නේ මිනීමරු චේතනාවේ ප්‍රතිමූර්තියක්.

247
00:19:00,410 --> 00:19:04,160
මේ වගේ ආයුධ හදන යක්ෂයෝ මිනිස්සු ගොඩක් මරනවා.

248
00:19:04,960 --> 00:19:09,420
කිසිම උවමනාවක් නැතුව, කඩුවල මුවහත පරීක්ෂා කරන්න.

249
00:19:15,180 --> 00:19:16,280
ස්ටාර්ක්.

250
00:19:17,220 --> 00:19:19,460
මම දන්නවා. හතුරෙක්, නේද?

251
00:19:23,430 --> 00:19:24,850
හරිම වේගවත්.

252
00:19:25,800 --> 00:19:26,850
ලෑස්ති වෙන්න.

253
00:19:58,180 --> 00:19:59,640
කඩු හතරක් පාවිච්චි කරන කෙනෙක්...

254
00:20:01,350 --> 00:20:04,850
සටන්කාමියෙක් සහ පළමු පෙළ මායාකරුවෙක්.

255
00:20:05,390 --> 00:20:07,937
ඔයාලා ඇත්තටම ගම බේරගන්නයි මෙහේ ඉන්නේ.

256
00:20:08,020 --> 00:20:09,560
මම හිතපු විදිහටමයි.

257
00:20:10,150 --> 00:20:11,847
මේ රිවෝල්ටේ.

258
00:20:11,930 --> 00:20:13,567
මු තමයි ඒ කෙනා...

259
00:20:13,650 --> 00:20:16,610
ඔයාලා මාව අඳුරනවා වගේ.

260
00:20:17,780 --> 00:20:22,280
ඔයාවත් මට හුරුපුරුදුයි, පළමු පෙළ මායාකරුවෝ.

261
00:20:22,950 --> 00:20:24,540
ඔයා කවුද?

262
00:20:25,160 --> 00:20:27,077
ස්ටාර්ක්, අපි පටන් ගමු.

263
00:20:27,160 --> 00:20:29,997
මුගේ ප්‍රහාර කෙළින්ම ගන්න එපා.

264
00:20:30,080 --> 00:20:33,170
කෙළින්ම පාරක් වැදුණොත් ඔයා කෑලි වලට වෙන් වෙලා යයි.

265
00:20:34,590 --> 00:20:36,717
මම ඇහුවේ ඔයා කවුද කියලා.

266
00:20:36,800 --> 00:20:42,300
ඔයා ඔයාව හදුන්වල දෙන හැමවෙලේම, කෘමීන්ව විනාශ කරනවද?

267
00:20:42,930 --> 00:20:45,930
ඔයාට තියෙන්නේ හරිම අමුතු දැක්මක්.

268
00:20:47,560 --> 00:20:50,810
අපිට වචන වලින් සන්නිවේදනය කරන්න පුළුවන්,

269
00:20:51,980 --> 00:20:56,820
හැබැයි ඔයාට කතා කරන්න වුවමනාවක් නැත්නම්...

270
00:20:59,280 --> 00:21:03,370
මමත් මේ "කෘමීන් විනාශ කිරීමේ" වැඩේට හවුල් වෙන්නම්.

271
00:21:04,910 --> 00:21:08,497
කෙළින්ම ප්‍රහාර ගන්න එපා කිව්වට කොහොමද එහෙම කරන්නේ?!

272
00:21:08,580 --> 00:21:11,420
සටන්කාමියෙක්ට අඩුම ගානේ මගහරින්නවත් පුළුවන් වෙන්න ඕනේ.

273
00:21:16,130 --> 00:21:17,760
හැබැයි මම එහෙම කළොත්...!

274
00:21:28,810 --> 00:21:30,480
මට ඔයාව බේරගන්න බැරි වෙනවා!

275
00:21:30,890 --> 00:21:33,150
ඔයා මාව බේරන්න ඕනි නෑ.

276
00:21:33,610 --> 00:21:36,780
ඔයා හිතනවාට වඩා මම සමීප සටන් වලට දක්ෂයි.

277
00:21:57,170 --> 00:22:00,337
මායා බලයෙන් ලෝකේ නැති දේවල් නිර්මාණය කරන්න පුළුවන් අය

278
00:22:00,420 --> 00:22:03,590
යක්ෂයන්ට විතරක් සීමා වෙලා නැහැ.

279
00:22:04,590 --> 00:22:06,470
<b><font color="#FFFB8B"><i>ඩිගාඩ්නැක්ට්.</i></font></b>

280
00:22:11,270 --> 00:22:14,440
නීලෝ තටු පාලනය කරන මන්ත්‍රයක්...

281
00:22:16,690 --> 00:22:18,230
හරිම රසවත්.

282
00:22:18,250 --> 00:23:58,200
<font color="#2DEA00">✰ SL Anime Club වෙත ඉදිරිපත් කරන 183වන උපසිරැසිය ✰
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම </font>
- අශාන් විදුරංග -

283
00:23:58,250 --> 00:24:00,000
වන කොටස: විශිෂ්ට අවසානයක්.

